top of page

Choose your Camping Site here


Let's Go Riverston Camping !

රිවස්ටන් කෑම්පින් කරමු!

රිවස්ටන් කෑම්පින් කරමු!
Let's Go Riverston Camping !

ජනවාරි ඉඳල අප්‍රේල් (January to April) වෙනකන් රිවස්ටන් වල සීතල කාලෙ (Cold period). ඒ වගේම ලස්සනත් වැඩිම කාලෙ.රිවස්ටන් ඇවිත් ටවර් එක බලල පතනට ගිහින් යන්නෙ නැතුව රැයක් නැවතිල රියල් කෑම්පින් එකක් කරල, BBQ එකක රස බලල දිය ඇල්ලකින් නාල පරණ ගම් වල ඇවිදල (Village Trekking), පුලුවන් නම් හයිකින් (Hiking) එකකුත් කරලම යමු. 
තරු පායන රාත්‍රියක එලිමහනෙ කෑම්පින් එකක අත්දැකීමක් කියන්නෙ ජීවිතේ අමතක නොවන දෙයක්. සුන්දර නකල්ස් (Knuckles) කඳු වැටියෙන් වට වුනු මානිගලට මුහුණලා තමයි ඔයාල නවතින්නෙ. ඉතින් එකතු වන්න අපත් සමඟ. අපේ සේවාවන් පහතින්;

* රාත්‍රිය ගත කිරීමට සම්පූර්ණයෙන් ආවරණය වූ 
ටෙන්ට් (Fully covered camping tents)
* කෑම්පින් මැට්ස් (මෙට්ට ) (Portable sleeping mattresses)
* ගමේ විදියට සැකසූ ආහාර (Village made food)
* කුකුල් මස් හා අල සහිත BBQ (Chicken Potato)
* පෝටබල් ලයිට් (Portable Lights)

* මීට අමතරව ඔබේ පහසුවට කෑම්පින් කරන තැන කොමඩ් සහිත වොශ් රූම් එකක් අපි හදල තියනව. (Washroom with Commode)

* ඒත් එක්කම අපේ මග පෙන්නන්නන් ඔයාලව කැමතිම තැන් වලට එක්කන් යනව. (Guides)

දිය ඇලි (Waterfall Hunting), හයිකින් (Hiking), පිටවල පතන වගේ ගොඩක් ඇක්ටිවිටීස් (Activities) තියනව. එක් වන්න අපිත් සමඟ. ස්භාව සුන්දරත්වය අත්දකින රියල් කෑම්පින් එකකට. (Real Camping)

Gmail - sldevproduct@gmail.com
Tel No - 0702519166 (Saliya Abenayake)

රණුගල්ල (Ranugalla)

විවේකයට - නිවාඩුවට මතක හිටින සංචාරයක්......!

නෑදෑ හිතමිතුරන් - ළබැඳියන් සමඟ
විනෝදයෙන් ගත කරන්නට
එකිනෙකට වෙනස් ක්‍රියාකාරකම් සහිත
ගමනාන්තයක්

නිකම්ම නිකම් නවාතැනක ගතකරනවට වඩා වෙනස් අත්දැකීමක් ලැබෙන,
ආරක්ෂිත ක්‍රියාකාරකම් සහිත, ලාභදායී නිවාඩු පැකේජයක් ගැන හිතනවද?

ඌව වෙල්ලස්ස කඳු මුදුන් මැද සැඟවුණු ගමක, රාත්‍රිය ගත කරන්න එන්න.....

ගැමි ක්‍රමයට පිසෙන කෑම වේල් වල රස බලමින්, වන මැද පා ගමන් චාරිකා යන්නට, කඳු නගින්නට, දිය අැලි නැරබිිමට දේශීය කුරැල්ලන් නැරබිිමට ගම් බැදි වල ඇවිදින්නට ඔබත් කැමැතිද?

කිතුල් රා සහ තෙලිජ්ජ රස විඳින්න, කිතුල් හකුරු හැදෙන හැටි දකින්නට අවස්ථාව....

කුරහන් තළප, කුරහන් රොටී, කොළකැඳ වැනි ගැමි ආහාර පාන වුවද සැපයේ...

පරිසර ලෝලී, පරිසර හිතකාමී දේශිය සංචාරකයින්ට ආරාධනා....

දුම්රියෙන් පැමිනෙණ සංචාරකයන් සදහා ඇල්ල දුම්රියපොළේ සිට ගම්මානය දක්වා සහ නැවත පැමිණිිමට ජීප් හෝ වෑන් රථ සැපයිය හැක.
(එවිට එක් අයෙකු සදහා පහල සදහන් මුදලට රුපියල් 1000/- ක මුදලක් බැගින් එක් වෙනවා)

එහෙම නැත්නම් තමන්ගෙම වාහනේකින් එනවනම් අපේ place එක ලගටම එන්න පුලුවන් ඕනෙම වාහනේකින්.

එන්න පුලුවන් පාරවල් 👇

•බදුල්ල පස්සර පාර හරහා රණුගල්ල
•වැල්ලවාය බුත්තල හරහා රණුගල්ල
•ඇල්ල නමුණුකුල හරහා රණුගල්ල

ප්‍රධාන කෑම වේල් 03කි. 
තේ, කොපි සහ පාන වර්ග සැපයේ....
කණ්ඩායමට මග පෙන්වන්නෙක්....
ජල ක්‍රීඩා සඳහා ආරක්ෂක උපාංග... 
ප්‍රථමාධාර

මේ සියල්ල සඳහා එක් අයෙකුට රුපියල් 3,500/- කි.
මෙම ගාස්තුව අවම දස දෙනෙකුගේ කණ්ඩායම් සඳහා පමණි.

දස දෙනෙකුට වඩා අඩු කණ්ඩායම් සදහා එක් අයෙකුට රුපියල් 5000/- කි.

December ඔක්කොම දවස් දැනට Book වෙලා තියෙන්නේ.January ඉදන් දවස් Book කරන්න ඕනෙනම්

දැන්ම කතා කරන්න.

0702519166 (Saliya Abenayake)

Beautiful Ranugalla,

Best Camping Experience near Uva province.
29 Km away from Ella town,

Includes - breakfast ,lunch, BBQ,& Dinner,
Two tea serves,
Mineral water for drinking,
Camping tents with air matters,
Basic first aid,
3km trekking, hiking, waterfall bathing, camping night & river bath,

0702519166(Saliya Abenayake)

Genuine Travel Experience at Meemure

මීමුරේ දි සැබෑ සංචාරක

Genuine Travel Experience @Meemure
මීමුරේ දි සැබෑ සංචාරක අත්දැකීමක්...
ලකේගල පාමුල සැබෑ මීමුරේ ගම්මානයේදී 
හිත පිරෙන ආගන්තුක සත්කාරය සමඟ 
සැඟවුණූ ගාස්තු නොමැති විශ්වාසනීය සේවාවන් ලබාගන්න.
දේශීය සංචාරක සේවා සැපයීමේ වසර 6ක පරිපූර්ණ අත්දැකීම් සහිත

එක් දින සංචාරය - රුපියල් 1500/- සිට ඉහළට.
දෙදින සංචාරය - රුපියල් 2,500/- සිට ඉහළට.

දෙදින සංචාරයේදී,

•ගැමි රසයට තැනෙන ප්‍රධාන කෑම වේල් 03ක්
•BBQ සංග්‍රහයක්
•අවශ්‍ය පරිදි තේ සහ කෝපි
•සුවපහසු නවාතැන් (සැබෑ ගැමි නිවාස/ කුඩාරම් හෝ විශේෂිත නවාතැන්)
•ඔබේ කණ්ඩායමටම වෙන්වූ පළපුරුදු මඟ පෙන්වන්නෙක්

සමඟ උපරිම ගැමි ආගන්තුක සත්කාරය විඳින්න. සැඟවුණු ගාස්තු කිසිවක් නැත.
25කට වැඩි කණ්ඩායම් සඳහා ආකර්ශණීය වරප්‍රසාද
වසර 7ක සංචාරක සේවා සැපයීමේ පළපුරුද්ද සමඟින් සැබෑ සංචාරයක මිහිර විඳින්න.
දැන්ම අමතන්න.

0702519166 (Saliya Abenayake)

With SL Dev, your travel dreams are within reach. Contact us today to see how we can make planning your next trip as easy as possible.

Camping Sites: Tours
bottom of page