top of page

Choose your Hotel here

Organized Traveling Made Easy

Kuruwita Retreat

Kuruwita retreat

සාමාන්‍යයෙන් විවේකය ගත කිරීමට තැනක් තෝරා ගැනීමේ දී ගහ කොළට සහ පරිසරයට විශේෂත්වයක් ලබාදීම සමාන්‍ය දෙයක්. එහෙම නිවාඩුවක් ගතකරනවා නම් ඒකට ගැලපෙන සුන්දර තැනක් ගැන තමයි මේ කියන්නේ. මේක තියෙන්නේ කුරුවිට. කුරු ගඟ අයිනේ තියෙන මේ සුන්දර හෝටලය ගහකොළට මුල් තැනක් දීල හදලා තියෙන්නේ.
තරු පන්තියේ හෝටලයක දී ලබා ගත හැකි ආකාරයේ උසස් සේවාවක් අත්විඳින්න පුළුවන් මේ හෝටලයේ කාමර 5ක් තියෙනවා. රාත්‍රී නවාතැන් ගන්නවානම් 20 දෙනෙකුට නවාතැන් ගන්න පුළුවන්. එක කාමරයක 4 දෙනා ගානේ පහසුවෙන් ඉන්න පුළුවන්. එක පැත්තකින් ගඟට මායිම් වෙලා තියෙන නිසා සුන්දර කුරු ගඟේ සිහිලස විඳින්න ආරක්ෂාකාරීව නාන්න, පාරු පදින්න මෙතනදි අවස්ථාව තියෙනවා.

මීට අමතරව මෙතන ගොඩාක් ජනප්‍රියයි Office හා Family Day out වලට. ඒකට වෙනමම පැකේජ් එකක් තියෙනවා. හැබැයි ඒ පැකේජ් එක ගන්න අඩුම ගානේ 10 දෙනෙක් ඉන්න ඕන. එහෙම ඉන්නවා නම් උදේ ඇවිල්ලා හවස යන්න පුළුවන් Day out පැකේජ් එක ගන්න පුළුවන්. ඒ පැකේජ් එකට Welcome Drink,Lunch,Evening snaks ඇතුළත් වෙනවා. තව Swimming pool එක පාවිච්චි කරන්න ගගේ නාන්න, පාරු පදින්න වගේ ක්‍රියාකාරකම් සියල්ලම ඒ පැකේජ් එකට දෙනවා. තව මීට අමතරව එන පිරිස අනුව කාමරයක් හෝ දෙකක් ලබාදෙනවා. මේ සියලුම දේවල් එක්ක Day out පැකේජ් එක එක්කෙනෙකුට රුපියල් 2750/- ක් වෙනවා. මෙතන තියෙන විශේෂත්වය තමයි එහෙම Day out එකකට ඔයා මෙතන වෙන් කරගන්නවා නම් එදා දවසම ඒ කණ්ඩායම විතරයි මෙතන ඉන්නේ. ඒ නිසා නිදහස උපරිමව තියෙන එක.

රාත්‍රී නවාතැන් ගන්නවා නම් Night out පැකේජ් එකට යන්න වෙනවා. එකේ තියෙනවා Team packege එකක්. ඒකට 6 දෙනෙකුට වැඩිය වැඩි පිරිසක් ඉන්න ඕන. එහෙම ඉන්නවා නම් ඒ ඉන්න පිරිස අනුව එක කාමරයක 4 දෙනා ගානේ ඉන්න කාමර සහ කෑම බීම ද සියල්ලම එක්ක Full board පැකේජ් එක එක්කෙනෙකුට රුපියල් 7900/- යි. එහෙම නැතුව දෙන්නෙක් හෝ 4 දෙනෙක් නම් ඉන්නේ දෙන්නෙකුට නතර වෙන්න කෑම බීම එක්ක (Full board) රුපියල් 22500/- ක් වෙනවා. 4 දෙනෙක් ගේ Team එකක් නම් 28500/-, යි (Full board

ප්‍රණීත ආහාර පාන සහ උණු ජලය, පිහිණුම් තටාක, අන්තර්ජාල පහසුකම්, වගේ සියලුම පහසුකම් එක්ක තියෙන සුපිරි කාමරවලින් මේ හෝටලේ සමන්විතයි. අවට වටපිටාව ගැන කිව්වොත් මෙතන ඉදලා බෝපත් ඇල්ලට කිලෝමීටර් දෙකයි.බටදොඹලෙන බලන්න යනවා නම් කිලෝමීටර් 6යි. තව අවට සුන්දරත්වය බලන්න. ටිකක් ඇවිදින්න නියම තැනක් මේක.

මේ සුන්දර හෝටලය වෙන් කර ගන්නවා නම්  අපිට කථා කරන්න 0702519166න්.

එන දවස,කීදෙනෙක්ද කියන දේවල් confirm කරගෙන අපිට කතා කරන්න.මොකද ඉස්සරහට නිවාඩු කාලේ නිසා දැනටමත් ගොඩක් දවස් book වෙලා තියෙන්නේ

Bambaragala Estate

දෙනියාය විහාරහේන ප්‍රදේශයේ තේ වත්තක් මැද තියෙන අපූරු තැනක් තමයි පැට්නා කියන්නේ. පැට්නා හි තියෙන්නෙත් අපූරු භූ පිහිටීමක්. සුලු දිය සීරාවක් ගලා එන, පල්ලෙහාට ලිස්සල එන්න පුලුවන් විදිහේ පැතලි විශාල ගලක් මෙහි තියෙනවා. ඒක හරියට සී සෝ එකක ලිස්සලා පල්ලෙහාට එනව වගේ. ඔබ නැරඹියම යුතු වෙනස් විදිහේ තැනක්. හැබැයි එද්දී ගේන පොලිතින් ප්ලාස්ටික් ඔබම අරගෙන යන්න කියන කාරුණික ඉල්ලීම ඔබෙන් කරන්නේ කෙටි කාලයක් තුළ සංචාරකයන් නිසා මෙතැන පරිසරයට වුණු විනාශය ඉමහත් නිසයි.

සමහරු කියනව ෆැට්නා යන්න දෙන්නෙ නෑ කියල.ඔයාල එන්න අපි එක්ක ගිහින් පෙන්නන්නම්.

Bambaragala Estate Bangalow කියන්නෙ පැට්නා ලග තියන සංචාරක බංගලාවක්.මෙක තියෙන්නේ විශාල තේ වත්තක් මැද කාමර 4 හා නානකාමර 2 තියනව.10 දෙනෙකුට පහසුවෙන් ඉන්න පුලුවන්. තව වැඩි වෙනවනම් ඒ ගානට arrange කරලා දෙන්නත් පුලුවන් carpet හරි metres හරි දාලා pillows ටිකක් දීලා.බඩු ගෙනත් දුන්නම කෑම උයල දෙන්න කුක් කෙනෙක් ඉන්නව.මිටර් 100 විතර වත්ත පහලට ගියාම ලොකු දොලක් තියනව දිය ඇලි 4 එක්ක ඒතන නාන්න පුලුවන්.පෞද්ගලික ඉඩමක තියන නිසා පිට කවුරුත් එන්නෙ නෑ.තමන්ට ඕන විදියට විනෝද වෙන්න පුලුවන්.තේ වත්ත වටෙ රවුමක් ගියා කියන්නෙ Hiking ඒකක් තමයි.රෑට ගිනි මැලයක් ගහල BBQ එකක් දාල සද්දෙට සිංදු කිවුවට කිසිම ප්‍රශ්නයක් නෑ වටෙ පිටෙ ගෙවල් නැති නිසා.තව කරන්න දෙවක් ගොඩක් තියනව. Wedding Season එකේ Pre Shoot එහෙම කරන්න කැමති අයටත් හොද place එකක් තමයි මේ.

බලන්න තියන තැන් Bangalow එකේ සිට දුර,

•ෆැට්නා 4km
•සිංහරාජ 8km
•කුරුලු ගල 4km
•ගොන්ගල 8 km
•සමන්ගල 7 km
•මෝර්නින් සයිඩ් 16 km
•ගැටබරු දෙවාලය
•Photo වල තියන natutal pool එකත් එක්ක තියන දිය ඇල්ල 150m පමන පයින් යන දුර

Bungalow ඒක අවට දිය ඇලි හතරක් සහිතව කදු නැගිම,දිය නැම,BBQ පහසුකම්,ගිනි මැල,බැට්මින්ටන් වෙනි ක්‍රිඩා කිරිමට ඇති ඉඩ.

BBQ දාගන්න ඕනෙනම්,

Chicken 1kg - 1800/-
Fish 1kg - 2000/-

Package list එක post එකේ අන්තිම photos ටිකේ තියනවා.

Dayout package list එකකුයි 1 Night package list එකකුයි තියනවා.එන පිරිසේ ප්‍රමාණය අනුව 1 night package එක වෙනස් වෙන විදියට තමයි හදලා තියෙන්නේ.

Bungalow එකට එනවනම් කලින් Advance කරලා Book කරන්න ඕන.මොකද නැත්තන් එනවා කියලා ආවේ නැත්තන් ඒ දවස වෙන කාටවත් දෙන්න බැරි වෙනවා.දිනයක් වෙන් කර ගන්න Advance ගෙවන්න ඕනෙ මෙහෙමයි.

Book කරන්න මේ Account no එකට අදාල මුදල Deposit කරන්න.Slip එකත් ලග තියාගන්න.මතක් කරලා call එකක් දීලා දිනේ වෙන් කරගෙන ඉන්න මුලින්ම.මොකද ඔයාලට එන්න පුලුවන් දවස book වෙලා තියෙන්නත් පුලුවන් නිසා.

Account No Commercial bank - 8750051633 (A.M.Saliya Devinda Abenayake)

තව වැඩිවිස්තර සදහා හා දිනයක් වෙන් කරගන්න -

0702519166 (Saliya Abenayake)

Hideout in Kahathuduwa

Hideout in Kahathuduwa | ආදරණීයව කහතුඩුවේදී හුදකලාවන්න.

අධිවේගී මාර්ගයේ කහතුඩුව පිටවීමේ සිට විනාඩි 5යි. | කොට්ටාව පිවිසුමේ සිට විනාඩි 10යි.

සති අන්තයේ හෝ සතියේ දිනක පවුලේ අය හෝ මිතුරන් සමග විවේකී දිනයක් (Day-out) ගත කිරීමට කදිම ප්‍රදේශයක් තමයි කහතුඩුව. කහතුඩුවේ  කොළඹ සිට විනාඩි 45න් පමණ කාලයකින් ළඟාවිය හැකි මේ හෝටලයේ Day-out පැකේජ් එක (එක් පුද්ගලයෙකුට) රු. 1450/-*යි.

•වෙල්කම් ඩ්‍රින්ක්
•ෆරයිඩ් රයිස්
•චොප්සි
•කන්කුන් ඩෙවල්ඩ්
•මෂ්‍ රැම්
•ඩෙසට්
•සවස කේක් සමග තේ
•දිනය පුරා පිහිණුම් තටාකය භාවිතය

මෙම ගාස්තුවට ඇතුලත්.

හයි-වේ එකේ එනවනන් හරිම ලේසියි. කොට්ටාව පසුකරගෙන ගාල්ල දෙසට එද්දී ඊළඟ Exit එක එනම් කහතුඩුවෙන් පිට උනාම හෝටලයට කි.මී. 3 යි. හෝටලයේ පහසුකම් අතර

•පිහිණුම් තටාකයක්
•ළමුන්ට සෙල්ලම් කිරීමට සහ විවේකීව අහාර ගැනීමටද •හැකි පරිදි සැකසූ උද්‍යානයක්
•Pool table එකක්

ද තියෙනවා.

ඔබට කොරියානු, චීන සහ ලාංකීය ආහාර මෙහිදී ලබාගත හැකි අතර කලින් දැනුම් දීමකින් BBQ පහසුකම් සහ බයිට් වර්ග කිලෝ ගණනට වුවද ඇණවුම් කරගත හැකියි.

BBQ 1kg - 2000/-
--------------------------------
Double Room Rates / ද්විත්ව කාමර:

Full Board (කාමරය, ප්‍රධාන ආහාර වේල් 3ම සහ උදේ Bed tea සහිතව)
AC: 7,700/- Non-AC: 6,700/-

Half Board (කාමරය සහ ප්‍රධාන ආහාර වේල් 2ක් සහිතව) 
AC: 6,700/- Non-AC: 5,700/-

Bed & Breakfast (කාමරය සහ එක් අහාර වේලක් පමණක් සහිතව)
AC: 5,700/- Non-AC: 4,700/-

Room Only (කාමරය පමණක්)
AC: 4000/- Non-AC: 3000/-

Short-time (කෙටි කාලීන)
AC: 2000/- Non-AC: 1500/-
--------------------------

Family Room Rate (Non-AC) / පවුලේ කාමර (Non-AC):
Capacity: 4 people (4 දෙනෙකු සඳහා)

Full Board (Rs.3,350X4) = 13,400/-
Half Board (Rs.2,850x4) = 11,400/-
Bed & Breakfast (Rs.2,350x4) = 9400/-
Room Only (Rs.1,250X4) = 5000/-

Reservation වෙන්කරවා ගැනීමට අමතන්න.
179/2, සම්බෝධි මාවත, වෙනිවැල්කොල පාර, කහතුඩුව. 
Hotline: 0702519166 (Saliya Abenayake)
---------------------------------------
179/2, Sambodhi Mawatha, Wenivelkola Road, Kahathuduwa. 
Hotline: 0702519166

Madolsima

මඩොල්සිම එන අයට අලුත් අත්දැකීමක්.season එකට book කරගන්න ඕනෙනම් දැන්ම call කරන්න.Open කරල වැඩි දවසක් නැති නිසා offer එකේ chance එක ගන්න අමතක කරන්න එපා.වාහනේම ලගට එන්න පුලුවන්.උඩට එන්න අමාරු වාහන ඕනෙනම් පහල park කරල පයින් එන්න පුලුවන් safety ඇතිව.හැම package එකටම Breakfast එක ඇතුලත් වෙනවා.අමතරව ඕනෙනම් ඇවිත් oder කරල ගන්න පුලුවන්.Meals වලට පහල menu එකන් කැමති දෙයක් select කරගන්න පුලුවන්.මඩොල්සිම විතරක් නෙවේ එන අයට තියන වෙලාව අනුව පුංචි ලෝකාන්තෙ,එතනිං ලුනුගලට දාලා පීස්ස දිය ඇල්ල,බේසම් වල යන තැන් වලටත් යන්න පුලුවන්.දැනට double rooms 2ක් සහ complex room එකක් තියනවා.complex room එකේ bed 10ක් තියනවා.ඕනෙනම් අමතර metres දාලා දෙන්න පුලුවන්.place එක book කරගන්න ඕනෙනම් අපිට කලින් call එකක් දීලා advance payment එකක් කරන්න ඕනේ. 

Double room - 3800 with breakfast (2 person)

Complec room - 1800 with breakfast (per person)

Hotline - 0702519166

Mahaoya Resort

නිවාඩුවට වෙනසක් මීගමුවෙන්..... ✔️සුව පහසු නිදන කාබර ✔️දිවා රාත්‍රි ප්‍රනීත ආහාර ✔️නිසන්සල පරිසරය ✔️උපන්දින සාද සදහා පහසුකම් සියල්ල ✔️බොට්ටු සවරි මෙහි තියන විශේෂත්වය තමයි එකවර 80 දෙනෙකුට උවත් නවාතැන් ගන්න හැකිවීම.Office එකේ කට්ටිය වැඩීනම් යන්න තැනක්නම් හොය හොය හිටියේ මේක තමයි හොදම තැන. මෙහි නවතම සෙවාවක් වන මහ ඔය බොට් ටුවර්ස්, ඔබට සිතෙගි අකරයෙන් ඔබගෙ විවෙකය සුන්දර අයුරින් ගත කිරිමට එන්න අප වෙත, මහ ඔය බොට් ටුවර්ස් හදුන්වා දෙන නවතම boat house නෞකාව ,මෙහි Luxury room & bath room,kitchen ,tv room වලින් සමන්විත වන අතර ඉහල මහල ඔබට අවශ්‍ය අහාර ලබා ගැනීමට භවිත කල හැකිය . නිවාඩුවට පවුලේ සාමාජිකයන්, මිතුරන්, රැකියා මිතුරන් එක්ක යන්න තැනක් හොයමින් ද ඉන්නෙ? මෙතන ගැන එහෙම අයව #tag කරල මේ ගැන අදහස් විමසීමක් කලොත් හොඳ නැද්ද? දිවා කාලය (Day Out) විතරක් ගත කරන්න මිගමුවට ආසන්නව එමෙන්ම බොට්ටු සවරි පහසුකම් ඔබට අවශ්‍ය අකරයෙන් ලබාගත පුලුවන් එක් අයෙකුට යන්නෙ රු.1500 විතරයි. You can get, Welcome drink Buffet Lunch One cabana (Free of Charge) Evening tea or coffee Music Entertainment (අවමය 15 දෙනෙක් සදහා ) Dayout වගේම Nightout package එකකුත් තියනවා. වැඩි දුර විස්තර පහලින්, Quatation Non ac dubble room -2300 Ac cottage -4500 Non ac triple room-3000 Ac triple room-5800 (Room only) B&b Dubble room -3000 Full board Dubble room-4500 Boat tour House boat-12000(4 hours ) Max 15 person Jeski ride-1500 per person Motor boat-2500 (Max 6 person) Day out packege -1500 (Per person ) With boat ride දිනය වෙන් කරවා ගන්න 0702519166 අංකයට අදම කතාකරන්න.

Price₨1,500.00

Quantity

ADD TO CART

මතක හිටින නිවාඩුවකට Villa එකක් වැලිගමින්.

මතක හිටින නිවාඩුවකට Villa එකක් වැලිගමින්.

කොළඹ ඉඳලා කෙලින්ම Highway එකේ ආවොත් කොක්මාදූව Exit එකේ ඉඳලා 5km විතර දුරකින් තමයි මේ නවාතැන තියෙන්නේ.සාමාන්‍යයෙන් Couple එකකට නිවාඩුවක් ගත කරන්න මෙතන නියමයි.

දකුණ කියන්නේ සංචාරක පාරාදීසයක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මේ සංචාරක පාරාදීසයේ මාතරට ලැබෙන්නේ සුවිශේෂි තැනක්. විශේෂයෙන් මාතර වැලිගම මිරිස්ස වගේ ප්‍රදේශ දේශිය විදේශිය සංචාරකයින් නිතර යන එන ප්‍රදේශ කියලා කවුරුත් දන්නවා. මේ සුන්දර නවාතැන තියෙන්නේ මාතර වැලිගම.

වැලිගම පොල්වත්ත ඟග අද්දර තියෙන මේ නවාතැන ඇත්තටම නිදහස් තැනක්. මෙතන තියෙනවා සියලුම පහසුකම් තියෙන Villas දෙකක්. අති සුන්දර ආකර්ශණිය විදිහට හදලා තියෙන මේ හැම Villa එකකම King Size Bed එක ගානේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි හැම Villa එකකම Indoor poolඑක ගානේ තියෙනවා. සම්පූර්ණයෙන්ම A/C කරලා තියෙන මේ Villas වල Mini Fridge, TV ආදී සියලු පහසුකම් තියෙනවා.මේ සියලු සුපිරි පහසුකම් එක්ක මෙතන ගාණ කීයද? ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ. මෙතන දෙන්නෙකුට උදේ කෑමත් එක්ක (BB) වෙන්නේ රුපියල් 13500/= යි. Lunch & Dinner ගන්න මෙතන Restaurant එකක් තියෙනවා. සාමාන්‍යයෙන් රුපියල් 600/= වගේ ඉඳලා Meal එකක් ගන්න පුළුවන්. BBQ වගේ පහසුකම් වුනත් මෙතන තියෙනවා. එහෙම ගත්තොත් දෙන්නටම රුපියල් 4500/- කට වගේ BBQ Dinner එකක් ගන්න පුළුවන්.Dinner එක ඕනෙනම් ගග මැද ඉදන් lights වලින් decorate කරපු boat එකක ඉදන් ගන්නත් පුලුවන්.එහෙම ගන්නවනම් අමතර 5000ක් අය කරනවා.දෙන්නෙකුට වැඩි ගාණක් ඒ කියන්නේ තුන් දෙනෙක් විතර එක Villa එකක ඉන්නවා නම් ඒ වැඩිවෙන කෙනාට රැපියල් 4500/- ක් අය කරනවා.(මේ villa එකේ ඉන්න පුලුවන් උපරිම 6 දෙනෙක්ට විතරයි)

මෙතන නවාතැන් ගන්න අයට මතක හිටින නිවාඩුවක් ගත කරන්න ඕන නම් පොල්වත්ත ගඟේ අපූරු බෝට්ටු සවාරියක් යන්න පුළුවන්. සමාන්‍යයෙන් පස්දෙනෙකුට විතර බෝට්ටු සවාරියක් යන්න රුපියල් 5000/= ක් වගේ ගාණක් අයකරන්නේ. අක්කර 5 ක විතර පළතුරු වත්තක පිහිටලා තියෙන මේ නවාතැනේ ඉඳලා සුන්දර මිරිස්ස වෙරළට තියෙන්නේ කිලෝමීටර් 6ක් විතර. Surfing, Whale watching වගේ ක්‍රියාකාරකම් වලට කැමති අයට ඒවටත් මෙතන හරිම පහසුයි. Whale watching යනවා නම් Free transport එකක් දෙන්න පුළුවන් මෙතන ඉඳලා.

වැලිගම නගරයේ ඉඳලා පොල්වත්ත පාරේ හරි අකුරැස්ස පාරේ හරි ඇවිල්ල මේ නවතැනට පහසුවෙන් එන්න පුළුවන්.යුවළකට පුංචි පවුලකට ගැලපෙන මේ අති සුන්දර නවාතැන ඊලඟ නිවාඩුවට වෙන් කරගන්න අපේ Hotline එකට කතා කරන්න

0702519166

website - sldevtours.com
Email - sldevtours@gmail.com

Kaluthara (Bulathsinhala)

කොළඹ අවට නාගරික පරිසරයෙන් මිදී ග්‍රාමීය සැහැල්ලු ජීවිතයක අසිරිය මොහොතකට විද ගන්න කොළඹ අවටින්ම තැනක්නම් හෙව්වේ අපිට call කරන්න.

Nature Is Alive! Madola hideout Kalutara.

Rs.2900 Full Board per Person.

Chalet with 2 rooms Rs.9900 up to 8pax.

Chalet with 3 rooms Rs.11900 up to 10 pax.

Call - 0702519166 (Saliya Abenayake)

Typical Sri Lankan village food mostly harvested freshly from the plantation(Mostly organic) is served. This is a 40 acre plantation (Tea, Rubber, Cinnamon , rainforest, etc..) in a hilly area.

Situated in Kalutara , Bulathsinhala, 69Km from Kottawa Highway Entry, 1hour & 20mins drive from Southern highway.

Last 1km of the road needs high clearance vehicle.

Other attractions - Natural Swimming pool, Bathing spots, River bathing, Phaingala ancient rock temple, Plantation trail, Rain forest trail, mountain hike.

Cable TV available. If you need Air condition need to pay separately.

Email:sldevproduct@gmail.com

Click the link to see the video (46 seconds) 👇

https://youtu.be/u-WxMFUUmwc

With SL Dev, your travel dreams are within reach. Contact us today to see how we can make planning your next trip as easy as possible.

Hotels: Tours
bottom of page